ළමා ජනගහනයේ අඩුවීමක්

Report

 ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙන්නේ මෙරට ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවීමක් දක්නට ඇති බවයි.

1946 වර්ෂයේ දීමෙරට ළමා ජනගහන අනුපාතය පැවත ඇත්තේ (0-14 වයස් කාණ්ඩය) සියයට 40-42ක් අතර අනුපාතයක වේ ඉන්පසුව 2024 වර්ෂයේ දී ළමා ජනගහන අනුපාතය සියයට 20 දක්වා අඩු වී ඇති බව වාර්තා වල සදහන් වේ .

ඒ වගේම මෙලෙස දරු උපත් සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති හේතූන් ලෙස විවාහ ප්‍රමාදවීම, උසස් අධ්‍යාපනයට සහභාගි වීම වැඩිවීම ආදිය සදහන් වී තිබේ.

බෙහෙත් වැඩිමිලට විකුණුවොත් දැන්ම කියන්න ජනතාවට දැනුම්දීමක්

බෙහෙත් වැඩිමිලට විකුණුවොත් දැන්ම කියන්න ජනතාවට දැනුම්දීමක්

තවද මෙම වාර්තාවේ සඳහන් වෙන්නේ ළමා ජනගහනය අඩුවීම අනාගතයේ දී ශ්‍රම සැපයුම පටුවීම සඳහා ප්‍රධානම හේතුවක් විය හැකි  බවයි.

තවද මෙම ගැටලුව ශ්‍රම බලකායේ ඵලදායීතාවය ඉහළ නැංවීම මගින් විසඳා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

නමුත් එසේ නොකළහොත් සමස්ත ආර්ථිකයේ ප්‍රසාරණය සීමාවනු ඇති බව ද මෙම වාර්තාවල තව දුරටත් සදහන් වේ.

කඩුගන්නාව ඛේදවාචකයෙන් පෙර පිනකට දිවි ගලවා ගත් කාන්තාව දැන් කියන කතාව

කඩුගන්නාව ඛේදවාචකයෙන් පෙර පිනකට දිවි ගලවා ගත් කාන්තාව දැන් කියන කතාව