හරි ෂෝක් පෙර පාසල් ගුරුවරියයි සැමියයි අයිස් විකුණලා

Report

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන ඇත. මාදම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින සවස 6.40ට පමණ මිහිජය සෙවණ මහල් නිවාසයේ පදිංචි සැකකරුවකු සොයා පරීක්ෂා කිරීමට ගොස් ඇත.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එහිදී සැකකරු නිවසේ රැඳී නොසිටි අතර, ඔහුගේ 32 හැවිරිදි බිරිඳ පමණක් නිවසේ එම අවස්ථාවේ රැඳී සිටි අතර ඇය පිළිබඳව ඇතිවූ සැකයක් හේතුවෙන්, පොලිස් කාන්තාවන් යොදාගෙන පරීක්ෂා කිරීමේදී, ඇයගේ පපුවේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සොයාගත් බව වාර්තා වේ.

මෙම සැකකාරිය රැකියාව අතරතුර දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේද නිරත වී ඇති අතර ඇයගේ සැමියා තවත් අයිස් තොගයක් සමග නිවසට පැමිණෙන බවට එම අවස්ථාවේදී ලද ඔත්තුවක් අනුව පොලිසිය සැඟවී සිට සිදුකළ වැටලීමකදී එම සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාවේ හීන කුමාරයා ඉන්දියාවේ විවාහ වේ - අම්මෝ මනමාලිගේ ලස්සන

ලංකාවේ හීන කුමාරයා ඉන්දියාවේ විවාහ වේ - අම්මෝ මනමාලිගේ ලස්සන

අනතුරුව, ඔහු පරීක්ෂා කිරීමේදී, ඔහුගේ ගමන් මල්ලේ අයිස් කිලෝග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 310ක් තිබී සොයාගත් අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ විදේශීය රටක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි.

එමෙන්ම, මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ දැනට මියගොස් සිටින 'කෙසෙල්වත්තේ දිනුක'ගේ ගෝලයෙක් බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින (23) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ගුරුවරිය රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.