මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ රනිල් වාර්තාවක් තබයි..අලුත්ම වාර්තාව මෙන්න.
Parliament
Mahinda yapa
Ranil wickramasinghe
United national party
By Aruna
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවට පිවිසෙමින් නව වාර්තාවක් තබා ඇති බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු අදහස් දක්වමින් සදහන් කර සිටියේය.
ඒ, ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමෙනි. වික්‍රමසිංහ මහතා මීට පෙර පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු, අගමැතිවරයකු වශයෙන් සියලු තනතුරු දරා තිබුණද ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර තිබුණේ නැත.
ඒ අනුව අද දිනයේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙමින් එම වාර්තාවද තමන් සතු කර ගැනීමට වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |