පාර්ලමේන්තුවට ඒමේ සැබෑ අරමුණ හිටපු අගමැති රනිල් හෙළි කරයි (VIDEO)

Politics Sri lanka Ranil wikrma sinnghe
By Sithumi Jun 19, 2021 05:29 PM GMT
Report

රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

“මම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිදු අයුරකින් අදහස් කරගෙන සිටියේ නෑ. නමුත් රටේ පවතින කොවිඩ් -19 තත්ත්වයත් සමග බොහෝ දෙනා ගෙන් ඉල්ලීමක් ආව නිසා ඒ තීරණය ගැනීමට සිදුවුණා”

යැයි අද දිනයේදී මාර්ගගත ක්‍රමයට පැවති වැඩසටහනකට එක් වෙමින් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා. කොවිඩ් හේතුවෙන් බොහෝ දෙනා මියයාම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු කියා සිටියේ ”

තමන් ඒ සම්බන්ධයෙන් පැමිණ හඩක් නැගිය යුතු බවට විශ්වාසකරන” බවයි. ” දේශපාලනිකව ගත් කළ ආණ්ඩුවක් මේතරම් ඉක්මනින් ජනතාව අතරේ සිය ජනප්‍රියතාවය බාල කර ගැනීම හා ඊට සමාගාමිව විපක්ෂය සිය වගකීම් ඉටු නොකරන තත්ත්වයක් මා මිට පෙර දැක නැහැ. එය බරපතල තත්ත්වයක්” හිටපු අගමැතිවරයා කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now