රාජාංගන සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

Report

අධික වැසිපතනයට මුහුණදී, රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වාන් දොරටු අඩි 2 බැගින් විවෘත කර ඇති අතර තත්පරයකට ඝනඅඩි 2,224ක් ජලාශයෙන් ගලා යන බවද සඳහන් කළාය.

මෙම තත්ත්වය සමග, අංගමුව ජලාශයේද වාන් දොරටු 02ක් අඩි 1 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එයත් සමඟ තත්පරයකට ඝනඅඩි 640ක් ජලාශයෙන් පිටවීම සිදුවන බවද එහි ප්‍රකාශය සඳහන් කරයි.