LPL තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ පාකිස්තාන ජාතිකයෙකුට වරෙන්තු

Report

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ ක්‍රියාවලියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකකරුවෙකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) වරෙන්තු නිකුත් කළේය.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කළ මුජීද් උර් රෙහෙමාන් නම් පාකිස්තාන ජාතිකයාට ය. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන ඒකකයේ (SIB) ඉල්ලීමක් සලකා බැලීමෙන් මෙම නියෝගය ලබාදී ඇත.

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය විසින් මීට පෙර මුජීද් උර් රෙහෙමාන්ට නොතීසි නිකුත් කර තිබුණි. එහෙත්, ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී නොසිටි නිසා, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළ අතර, විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

"ආනන්ද හිටිය පොලිසියකුත් නැහැ, වටගල කතා කරපු නඩුවකුත් නැහැ" - චාමර ආණ්ඩුවේ දෙහි කපයි

"ආනන්ද හිටිය පොලිසියකුත් නැහැ, වටගල කතා කරපු නඩුවකුත් නැහැ" - චාමර ආණ්ඩුවේ දෙහි කපයි