විරෝධතාවයක් උණුසුම් වෙයි.. ප්‍රධාන මාර්ගයක් අවට දැඩි රථවාහන තදබදයක්..
Protest
baththaramulla
rajagiriya
By Sithumi
ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත සහ කෝට්ටේ ප්‍රදේශවල රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ජාතික ජනබලවේගයේ විරෝධතා පා ගමන හේතුවෙන් තුන්මුල්ල අවට මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
එමෙන්ම ඉන්ධන මිල ඉහළ නැංවිමට විරෝධය පල කරමින් මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් වසා දැමූ පිරිස විසිරුවා හැරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.