කොළඹට තද වැසි...ගම්පහ, කළුතර ගංවතුර අවදානමක්..

By Wasantha Jun 03, 2021 08:22 AM GMT
Report

ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, මිල්ලනිය, කළුතර, හොරණ, ඉංගිරිය සහ මතුගම ප්‍රදේශයන්හි පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

පවතින වර්ෂා තත්ත්වය මත කැලණි කළු සහ අත්තනගළු ඔයේ ජය මට්ටම් ඉහළ යමින් පවතින නිසා මෙම තත්ත්වය ඇති වනු ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ඉදිරි පැය 24 සඳහා නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඉදිරියේදී තද වර්ෂාපතනයන් ඇතිවනු ඇතැයි අනාවැකි පල කර තිබේ.