උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් ඇණහිටියි

Report

පවතින ආපදා තත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාල වී ඇත.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය, අඹේපුස්ස දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

තවද පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය, හලාවත දක්වා සීමා කර ඇත.

ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි වැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.