අධිකරණය වෛද්‍ය නිලධාරියා 15 හැවිරිදි සිසුවාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා
15 හැවිරිදි පිරිමි පාසල් සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනු ලබන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය විසින් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
අධිකරණ වෛද්‍යවරයා වන සැකකරු ස්ථීරව පදිංචිව සිටින ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසකදී මෙම වයස අවුරුදු 15 ක් වූ පාසල් සිසුවාට කිහිප වතාවක්ම බරපතල ලිංගික අපයෝජන සහ පීඩා සිදුකර ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී ඉතාමත් පැහැදිලිව අනාවරණය වී ඇත.
සිද්ධියෙන් දැඩි ලෙස පීඩාවට සහ අපයෝජනයට ලක්වූූ අදාළ පාසල් සිසුවාගේ සමීපතම ඥාතීන් විසින් මේ පිළිබඳව පමුණුගම පොලිස් ස්ථානය වෙත නිල වශයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
එයා මගේ සහෝදරයා වුණත් එයාගේ මූණවත් බලන්න මම කැමති නෑ - එයා පොඩි කාලේ ඉදන්ම ඔහොම මිනිස්සුන්ව රවට්ටනවා - වෛද්‍යවරියගේ ආන්දෝලනාත්මක මරණයේ සැකකරු වෙස්වලාගෙන
දැනට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින සැකකාර වෛද්‍යවරයා සොයා පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ඉතාමත් දැඩි ලෙස සිදු කරනු ලබයි.