එළඹෙන සඳුදා දිනට නියමිතව තිබූ වර්ජනය ගැන දැනුම්දීමක්
By Kaushi
ලබන සඳුදා (9) දින ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා ඇති බවට රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ වකුගඩු රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මාරු කිරීමත් සමඟ බව සඳහන්.
පසුගිය දිනක අඳාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබුණේ මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයන් සිදු කර ඇති බවට සඳහන් කරමින්.