සුරා බදු දෙපාර්තමේන්තුව අලුත් කරන්න විශේෂ සාකච්ඡාවක්
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
එහිදී ඩිජිටල්කරණය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.
එමෙන්ම ඩිජිටල්කරණ කාර්යක්ෂමතාව වර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන්.
මෙම කටයුතු සාර්ථක කර ගැනීමට වෘත්තිය සමිතිවල සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.
මෙම අවස්ථාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, වෘත්තීය සමිති නියෝජිතයෝ සහ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ සහභාගි වූ බව සඳහන්.