විදුලි රැහැනක් පියාගේ සහ දියණිය ගේ දිවි අහිමි කළ හැටි
පුස්සැල්ලාව මායිම්පල ප්‍රදේශයෙ සුනිල් ශාන්ත කුමාර තිදරු පියෙක් නිවසේ එළවළු කොටුව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තමන් විසින්ම ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී තම දියණියද සමග ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීට මාස 4කට කලින් ඔහුගේ බිරිඳ විදෙස් රැකියාවකට පිටත්ව ගිය අතර සුනිල් ශාන්ත ඔහුගේ අවුරුදු 11ත්, 7ත් වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනා සහ අවුරුදු 2යි මාස 8ක් වයසැති දියණිය සමඟ ජීවත්වුණා.
නිවසට යාබදව සකස් කර ගත් එළවලු කොටුවේ අඩියක් පමණ උසට කම්බි යොදා නිවසේ සිට විදුලි රැහැනක් ඇද තිබුණේ තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා වන අතර ඊයේ පස්වරුවේ අසල්වැසියෙක් මෙම නිවස වෙත පැමිණ තිබුණේ ප්‍රදේශයේ වෙනත් මළගෙයක් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමටයි.
නමුත් නිවසේ කිසිවෙක් නොසිටි බැවින් ඔහු නිවස ආසන්නයේ පිහිටි එළවළු කොටුව වෙත පැමිණි පසු අසල්වැසියට දැකගත හැකි වුයේ එළවලු කොටුවේ වැටී සිටි පියා සහ දියණියි. පසුව පියා සහ දියණිය ගම්පොළ මූලික රෝහලට ඇතුලත් කරත් ඒ වන විටත් දෙදෙනාම මිය ගොස් සිටියා.
