රජ කාලේ දඩුවම් දුන් කට්ටඩියා (VIDEO)
ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාසයක් කල බව බව පවසමින් මහනුවර - බලගොල්ල - අම්පිටිය ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කිරීමේ සිද්ධියට අදාළව ඊයේ පස්වරුවේ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එය අදාල පුද්ගලයන් පැහැරගෙන යාමට යොදා ගත් වෑන් රථය බවට හඳුනාගෙන ඇති බවයි. එම වෑන් රථය මහනුවර - කෙංගල්ල ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන මධ්‍යස්ථානයකින් ලබාගත් රථයක් බවටද අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, අදාළ වාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහාද මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මහනුවර - බලගොල්ල - අම්පිටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන 30 හැවිරිදි පුද්ගලයකු බවටද අනාවරණය වී තිබුණා.
ඒ අනුව, අදාල පුද්ගලයන් දෙදෙනාට අමානුෂික ලෙස වදහිංසා කළ කට්ටඩියා සහ සෙසු සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා තිබෙනවා.
අදාල කට්ටඩියා විසින් තමාට මුහුණ පොතේ අපහාස කළා යැයි කියන සිය මිතුරන් දෙදෙනාව පසුගිය 25 වනදා තම නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
පසුව 10 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ව පැහැරගෙන වෙනත් කෑලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කුරුසයක ආකාරයට සැකසු ලී ආකෘතියක තබා ඇණ ගසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස වද හිංසාවට ලක්ව ඇත්තේ පොල්ගොල්ල සහ කඩුවෙල යන ප්‍රදේශ වල පදිංචි 44 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |