මෙන්න ආයිමත් ගමන් අරඹන නගරාන්තර දුම්රිය

Report

 පුලතිසි නගරාන්තර දුම්රිය සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට එළැඹෙන 09 වනදා සිට සැලසුම් කර ඇත.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු සදහන් කරන්නේ ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර තිබෙන බවයි.

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට

අනේ දෙවියනේ ගෙට ගිනි තියපු තාත්තා ඒ ගින්නටම අහුවෙලා මියගිහින්, දියණියත් මරු තුරුලට

අංක 6075 දුම්රිය

කොළඹ කොටුව පිටත් වීම - ප.ව. 12.45 මඩකලපුව ලඟාවීම - ප.ව 08.07

අංක 6076 දුම්රිය

මඩකලපුව පිටත් වීම -පෙ.ව. 04.00 කොළඹ කොටුව ලඟා වීම - පෙ.ව. 11.30

එමෙන්ම ඇල්ල Odessey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

තවද     ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බව  වාර්තා වේ. 

අංක 1043 දුම්රිය

අඹේවෙල පිටත් වීම - ප.ව. 01.30 බදුල්ල ලඟාවීම - ප.ව. 04.15

අංක 1044 දුම්රිය

බදුල්ල පිටත්වීම පෙ.ව. 07.45 අඹේවෙල ලඟාවීම පෙ.ව. 10.58

මේ අතර, පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල, ඊයේ (05) සහ අද (06) සිට නාවලපිටිය සහ හැටන් අතරත් මහනුවර සහ වත්තේගම අතරත් පහත පරිදි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පැවති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස් වල දුම්රියයන් ධාවනය වන්නේ පළමු වතාවට බව සදහන් වේ.

වත්තේගම/ මහනුවර වත්තේගම පිටත් වීම - පෙ.ව. 05.45 මහනුවර ලඟා වීම පෙ.ව. 06.30

මහනුවර/ වත්තේගම මහනුවර පිටත් වීම - ප.ව. 02.00 වත්තේගම ලඟා වීම - ප.ව. 02.39

හැටන් / නාවලපිටිය හැටන් පිටත්වීම පෙ.ව. 05.00 නාවලපිටිය ලඟා වීම - පෙ.ව. 06.29

නාවලපිටිය /හැටන් නාවලපිටිය පිටත් වීම - ප.ව. 02.12 හැටන් ලඟාවීම - ප.ව. 03.11

ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයෙන් බරපතළ තුවාල ලැබූ මවටත් දිවි අහිමි වෙයි

ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයෙන් බරපතළ තුවාල ලැබූ මවටත් දිවි අහිමි වෙයි