සල්ලිත් අරන් සූදු ගහන් ගිය ඉන්ධන පොම්පකරු
By Sewvandhi
මාස 1 කට පෙර
පූගොඩ නගරයේ පිහිටි සමුපකාර ඉන්දන හලේ පිරවුම්පකරුවකු පිරවුහලේ රුපියල් 2 70,000 ක මුදලක්රැගෙන සුදු කෙළීමට ගොස් ඇතැයි පූගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
ඉන්ධන අලෙවි කිරීමෙන් උපයාගත් මුදල පොම්පකරු එහි කළමනාකාරවරිය ට ලබා නොදී වංචාවෙන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සමුපකාර ඉන්දන පිරවුම් පොලේ කළමනාකාරවරිය විසින් මේ සම්බන්ධයෙන් පූගොඩ පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පොම්පකරු තදින්ම සූදු කෙළීමට (බූරුවා ගැසීමට) ඇබ්බැහි වී සිටින අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පූගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යති.
