ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණයට අලුත්ම මෘදුකාංග පද්ධතිය මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Technology
By Wayomi Oct 15, 2024 06:34 AM GMT
Wayomi

Wayomi

Report

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු අතර එම පනතේ 23 වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතු වනවා.

රජය විසින් මේ වන විට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබා දී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදා ගනු ලබන අතර එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලබනවා.

එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ‌ලේකම් කාර්යාලය විසින් මේ වන විට නවතා ඇත.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කරනු ලැබ ඇත.

ඒ අනුව, පිරිවැය වාසිදායක වීම, දත්ත සම්ප්‍රේෂණය පහසු වීම, ඒවායේ අඛණ්ඩතාව පවත්වා ගත හැකි වීම සහ පද්ධති අතර ඒකාග්‍රතාව තහවුරු කළ හැකිවීම යන හේතු මත පදනම්ව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිල දී ගැනීම පිණිස යෝජනාවක් ලබා ගැනීමටත්, එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ ලබා ගැනීම සඳහා යොමු කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.  

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?


ReeCha