සුපිරි නළු ශාරුක් ඛාන් දිවයිනට ?

Sri Lanka Shah Rukh Khan Bollywood Sinhala news
By Hashini Jun 30, 2025 07:02 AM GMT
Hashini

Hashini

Report

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්, එළැඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිත “ City of Dreams ” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

නමුත් මෙය නිලවශයෙන් තහවුරු වී නොමැති අතර සංවිධායකයින් සහ ආසන්න ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.

“ City of Dreams ” සහ “Cinnamon Life” නිල සමාජජාලා ගිණුම්වල දැන් සිටම “විශේෂ කෙනෙකු පැමිණෙනවා” යන තේමාවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර “ඇවිත් ඉන්නේ කවුද කියා හදුනාගන්න” යනුවෙන් එහි සඳහන් වන්නේ මෙම අනාවරණයට වඩාත් ආධාර වන පරිදි.

බොහෝදෙනා පවසන්නේ ප්‍රචාරණ රූපයේ පෙනෙන සිරුර ශාරුක් ඛාන්ගේ ජනප්‍රිය භාව පෙනුමට සමාන බවයි.

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ව්‍යයයෙන් ඉදිකරන ලද “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” ව්‍යාපෘතියට ලෝක මට්ටමේ කැසිනෝවක්, සුඛෝපභෝගි හෝටලය සහ වෙළඳ මධ්‍යස්ථානයක් අයත් වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙන් මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය ලෙසයි සැලකෙන්නේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙම උත්සවයට ජාත්‍යන්තර සුප්‍රකටයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිත බවයි. 

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

සුපිරි නළු ශාරුක් ඛාන් දිවයිනට ? | Superstar Shahrukh Khan To The Island

ReeCha