ජනතාව පරිස්සමෙන් - කාලගුණෙන් ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල දැඩි අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද (13) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මක වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ දැඩි අකුණු ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දී ඇත.