ෂම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලය වහාම ගෙදර යවන්න ඔවුන්ට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්

Report

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් හමුවේ කලකිරී සිටින ක්‍රීඩාලෝලීන් පිරිසක් අද (01) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවට සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී ෂම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලය වහාම ධුරවලින් ඉල්ලා අස්ව “ගෙදර යා යුතු” බව සටන් පාඨ මඟින් ඔවුන් ප්‍රකාශ කළහ. දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය යළි ඇති කිරීමට පාලක මණ්ඩලය අපොහොසත් වී ඇති අතර, ක්‍රීඩාවේ පරිහානියට වත්මන් නිලධාරීන් සෘජුවම වගකිව යුතු බවද විරෝධතාකරුවන් චෝදනා කළහ.

විරෝධතාව හේතුවෙන් මූලස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවූ බව පොලිසිය සඳහන් කළේය.

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්