හැමදාම උදේට මේ පානය ගත්තොත් වෙන දේ දන්නවද..? දැනගෙනම බොන්න..

Cancer Healthy Food Recipes Heart Attack Diabetes
By Sewvandhi Feb 09, 2025 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ උලු හාල් කියන්නේ.ආහාර රස කාරකයක් මෙන්ම වටිනා ඖෂධයක් ලෙස අතීතයේ ඉඳලම උලු හාල් භාවිතා කරලා තියෙනවා. ඉතිං අද අපි කියලා දෙන්නේ මේ ඖෂධ ගුණ රැසක් තියෙන උලු හාල් භාවිතා කරලා කොහොමද ශරීරයේ බර අඩු කර ගන්නෙ කියලා.

උලු හාල් සතු පෝෂණ සංඝටක මොනවද කියලා අපි මුලින්ම විමසා බලමූ.

විටමින් C

යකඩ

කැල්සියම්

සින්ක්

කොපර්

ඛනිජ වර්ග

තයෝමීන්

ෆෝලික් අම්ලය

ඉහතින් සදහන් කළ පෝෂණ සංඝටක උලු හාල් සතු වන නිසාම ගුණ රැසක් මෙහි පවතිනවා.ඒවා නම්,

තරබාරුව පාලනය කිරීම සහ ශරීරයේ බර අඩු කිරීම

දියවැඩියාව පාලනය කිරීමට හිසකෙස් වල හිස්සොරි නැති කිරීමට

සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පැවැත්වීමට

මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා සෑදීම වැළකීමට ෆෝලික් අම්ලය නිසා උළුහාල් කිරි දෙන මවුවරුන්ටත් ඉතා ගුණදායකයි .

අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සමත් වීම. දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මට උපකාරිවීම.

මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරීමට චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කිරීමට උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමට උපකාරී වෙයි.

උලු හාල්වලින් කොහොමද ශරීරයේ බර අඩු කරන්නේ?

අපි මුලින්ම කීවානේ උලු හාල්වල බොහොමයක් ඖෂධ ගුණ තියෙනවා කියලා.ඒ අතර තියෙන එක් ගුණාංගයක් තමයි මේ ශරීරයේ බර අවම කිරීම කියන කාරණය.

ඒක සිදු වෙන්නෙ මෙහෙමයි.උලු හාල්වලට පුලුවන් අපේ ශරීරයේ පවතින මේද අම්ල ශරීරයට උරා ගැනීම අවම කරන්න.ඒ වගේම රුධිරයේ පවතින මේදය දහනය කිරීමේ හැකියාවත් මේ උලු හාල් සතුවනවා.

ඒ වගේම තමයි රුධිර නාල වල තැම්පත් මේදය දහනය කිරීමටත් මේ උලු හාල් සතු විශ්මිත ගුණයක්. එමෙන්ම උලු හාල් කෙදි සහිත ආහාරයක් නිසා අග්න්‍යාශයේ ආහාර ජීරක එන්සයිම හොදින් ක්‍රියාත්මක කර ආහාර ජීරණය වේගවත් කරනවා.

දැන් අපි බලමු කොහොමද උලු හාල් පානයක් නිවසේදීම සකසා ගන්නේ කියලා.

ඇගේ බර අඩු කරන උලු හාල් පානය අවශ්‍ය ද්‍රව්‍ය

අබරා ගත් උලු හාල් මේස හැදි 2ක්

ඉගුරු ස්වල්පයක්

ලෙමන් ගෙඩි භාගයක යුෂ

මී පැණි තේ හැදි 1ක්

උණු වතුර

සකසා ගන්නා ආකාරය

අබරා ගත් උලු හාල් සහ ඉගුරු භාජනයකට දමා එයට සරිලන පරිදි උණු වතුර එක් කරන්න.

පසුව එයට මී පැණි එක් කරන්න පැය භාගයක් පමණ හොදින් තැම්බෙන්න හැර පසුව එයට ලෙමන් යුෂ එක් කර පානය කරන්න.

උදෑසනට පානය කිරීම වඩාත් සුදුසු වනවා. එමෙන්ම ශරීරයේ බර පාලනය කිරීමට මෙම උලු හාල් ආහාරයක් වශයෙන් ද එක් කර ගත හැකියි.

ආහරයට ගන්නා ආකාරය-

මඳක් රත්කළ උළුහාල් කුඩුකර මීපැණියෙන් අනා කෑම.

එමෙන්ම උළුහාල් හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීමත් ශරීරයේ බර පාලනයට ඉතාම සුදුසුයි.

විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ගර්භණි හෝ වකුගඩු රෝගීන් මෙන්ම වෙනත් තදබල රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතා කිරීම සුදුසු නොවේ සාමාන්‍ය පුද්ගලයින් මෙම පානය භාවිතා කිරීමේදී සතියක් හැර සතියක් වශයෙන් භාවිතා කිරීම වඩාත් සුදුසුයි

මෙලෙස විශ්මිත ගුණ රැසක් තිබෙන උලු හාල් ඔබත් ඔබගේ එදිනෙදා පානයක් ලෙස හෝ ආහාරයක් ලෙස එක් කර ගෙන නිරෝගී සුන්දර සිරුරකට හිමි කම් කියන්න.(උපුටාගැනීමක්)

You may like this video 👇



ReeCha