වැලිකඩ සිරකරුවන් පිරිසක් වහළයක් මත නැගී නැවතත් විරෝධතාවයක

By Wasantha Jun 27, 2021 07:25 AM GMT
Report

වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණ දණ්ඩනය නියමවී සිටින සිරකරුවන් පිරිසක් එහි වහළයක් මත නැගී නැවතත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ තමන්ට හිමි දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා අඩු කරන ලෙස ඉල්ලමිනුයි. ඊයේ පස්වරුවේ මෙම විරෝධතාවය අවසන් කෙරුණද රාත්‍රියේ නැවතත් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කලේ.

මේ අතර වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනයද තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පොදු සමාව ලබාදීමේදී සැමට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි. මේ අතර බළධාරීන් සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගන්නා බවට බන්ධනාගාර බළධාරීන් විසින් අදාළ රැඳවියන්ට දන්වා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now