විශේෂ තීරණයක්? ගුරු විදුහල්පති සංගම් වලට ආරාධනයක්

srilanka Mahinda rajapaksha joserph starlin
By Sithumi Oct 09, 2021 02:42 PM GMT
Sithumi

Sithumi

Report

ප්සෑම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතියකම එක් නියෝජිතයෙකුට ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස ආරාධනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. මේ පිළිබඳව අදහස් දැක්වු මහාචාර්ය කපිල පෙරේරා මහතා,

"අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා ඊයේ දින තීරණයක් අරගෙන තියෙනවා සියලුම වෘත්තීය සමිතිවල එක් නියෝජිතයෙකුට සඳුදා දිනයේ සාකච්ඡා කරන්න කියලා. ඒ සාකච්ඡාව ඉතා සුබවාදී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."

ප්‍රශ්නය - 21 වනදා පාසල් විවෘත කරන්න ඉන්නවා. ගුරුවරු සහභාගී නොවුණහොත් මොකද්ද වෙන්නේ ? "ඉතාම දැඩි විශ්වාසයක් තියෙනවා මේ පාසල් සඳහා අපේ ගුරුවරු තමන්ගේ දරුවන්ගේ මුහුණ දකින්න පාසලට එයි කියලා."

මේ අතර ගුරු සංගම් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී සිය ගැටලුවට ලබාදෙන නිශ්චිත විසඳුම පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ, ලේකම්, ජෝසෆ් ස්ටාලින්,

"අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශ. ඔහු දිගින් දිගටම කියන්නේ අයවැයේ දී මෙයට විසඳුමක් අරන් දෙනවා. අයවැය රහසක් කියලා.ඔවුන් ඒක ලබාදෙන්නේ නැතුව අයවැය වෙනකල් ඉන්න කීම ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක්.අගමැති සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දි මේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද කියලා අපිට ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

ReeCha