ආපදාවට පත් ජනතාවට සහන සලසන්න - අගමැති
mahinda rajapaksha
chamal rajapaksha
critical weather
disaster department
s.r.agigala
By Sewvandhi
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා විසින් එලෙස උපදෙස් දී තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට ද දැනුම් දී තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වනවිට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් පහත් බිම්වල නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර ඇතැම් ප්‍රදේශවල නායයෑම් අවදානම් ද මතුව තිබේ.
මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජනතාව දැනුවත් කර කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරයා නිලධාරීන්ට ද උපදෙස් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |