එතකොට, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවලට මොකද වුණේ?.
පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ ඒ අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් ය.
අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ගෑස් මිල අඩු කළ පමණින් සිය නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.