ගෙන්වීමට යන මන්ත්‍රී වාහන වල මිළ ගණන් හෙළි කරයි.(VIDEO)

Corona virus parliment Sri lanka ministers
By Sithumi Jun 14, 2021 11:04 AM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක මිල රුපියල් ලක්ෂ 600 ක් පමණත් වන බවත් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරයි.

රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතු බවත් මෙරට දේශපාලනඥයින්ට සහ නිළධාරීන්ට ජනතාවගේ දුක නොදැනෙන බවත් ඔහු පවසයි.

මෙම වාහන තොගය වෙනුවෙන් විවෘත කර තිබෙන ණයවර ලිපි අවලංගු කිරීමට අපහසු යැයි ඇතැම් දේශපාලනඥයින් කිව්වද එම ණයවර ලිපි ඉතාමත් පහසුවෙන් අවලංගු කළ හැකියැයි ඔහු කියයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha