ජූලි 01 වන දා සිට ප්‍රවේශපත්‍ර ගාස්තු අයකිරීමක් ඉහළ දමයි..නව මිල ගණන් මෙන්න..
ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වේ.
මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණි.
එමෙන්ම විදේශීය වැඩිහිටි සඳහා උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව වාර්තා වේ.
විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කරනු ලැබීය.
මේ අතර පසුගිය දා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව අයත් දෙහිවල සත්ව උද්‍යානය, පින්වල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානයන්හි ක්‍රියාකාරකම් සඳහා වන මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඊට අදාළ ගැසට් නිවේදන වන ජීවී සහ වන සම්පත් අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කළ අතර, ඒ අනුව සියලුම සත්වෝද්‍යානවල මාංශ භක්ෂක සතුන් සදහා ආහාර ලබාදීමේ ගාස්තු රුපියල් 200ක් දක්වා ඉහළ දැමුවා.
දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොන්ඩා සමග ඡායාරූප ගැනීමේ ගාස්තුව රුපියල් 500 දක්වා ඉහළ දමා ඇත.
මේ අතර රිදීයගම සෆාරි උද්‍යානයේ වායුසමනය කරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 150ක් දක්වාත්, රිදීයගම සෆාරි උද්‍යානයේ වායුසමනය නොකරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමා තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |