IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය...(VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය සඳහා අද අනුමැතිය ලබා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.
ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෘෘවර් මහතා නායකත්වය දුන් අතර ඔවුන් මෙරට නොවැම්බර් 17 වනදා සිට රැඳී සිටියේය.
2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලදි. එය මාස 48ක් පුරා ක්‍රියාත්මකය.
IMF තුන්වන සමාලෝචනය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාව
You may like this video