අද සිට රටේ වෙනසක් වෙයි?..ජනපති ලේකම් පුටුවට අලුත් මුහුණක්.

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Gamini Senarath
By Aruna Jan 19, 2022 03:47 AM GMT
Aruna

Aruna

Report

ගාමිණී සෙනරත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් වී තිබෙනවා.

ඒ අනුව අද (19) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී ගාමිණී සෙනරත් මහතා වැඩ භාර ගැනීමට නියමිතයි.

මීට පෙර ජනාධිපති ලේකම් ධුරයෙහි කටයුතු කළේ, ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වන අතර, ඔහුගේ ඉල්ලා අස්වීම මතයි ගාමිණි සෙනරත් මහතා ව මෙම ධුරයට පත් කර ඇත්තේ.

1984 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි විභාගය සමත්ව ත්‍රිකුණාමලය, මොරවැව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සිය රාජකාරි දිවිය ආරම්භ කළ ගාමිණි සෙනරත් එදා මෙදා තුර රාජ්‍ය පරිපාලන සේවයෙහි විවිධ තනතුරු දරමින් ඉදිරියට ආ අයෙක්.

හක්මණ ඉඩම් හිමි වැවිලිකරු ලයනල් ජෝර්ජ් සේදර සෙනරත් පියාණන්ට සහ රත්නායක මැතිනියට දාව මෙලොව එළිය දුටු ගාමිණී සෙනරත්, තම පරම්පරාවේ වතුපිටි, ඉඩකඩම් පෞද්ගලික පරිහරණය කරනවා වෙනුවට එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන පොදු පහසුකම් නංවාලීම සඳහා පරිත්‍යාග කරමින් කටයුතු කළේ, මාපියන්ගෙන් ලද ‍උදාර ගතිගුණ නිසාවෙනි.

මාතර රාහුල විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් රටේ ජනතාවගේ සංවර්ධනය, සුබසාධනය ඇති කරලීම සඳහා වෙහෙසි ක්‍රියා කළ කීරිතිමත් රාජ්‍ය නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ.

කලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය ද මොහු හෙබවූ උස් පුටු ය.

මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තේරීපත් වූ 2005 නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ මැතිවරණයට පෙර අගමැති ධුරය හොබවද්දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් විසින් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ බව එම ක්ෂේත්‍රයේ බොහෝ අයෙකු දන්නා ප්‍රසිද්ධ කාරණයක්.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිටින අතරම මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක ද මුල් පුටුව හෙබ වූ සෙනරත්, සංචාරක කර්මාන්තයේ ද විශාල වැඩ කොටසක් ඉටු කළ රාජ්‍ය පරිපාලකයෙක්.

නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට ගගන මාධ්‍ය ආයතනයෙන් සුබපැතුම්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now