කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක සියල්ලෙම වතුර ප්‍රශ්නෙට ජනපතිගෙන් පිළිතුරු - වහාම විසඳීමට උපදෙස්
ජනතාවගේ ප්රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීමට අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එසේම ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දී ඇත.
ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද (08) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී බව සඳහන්.
ඒ අනුව එම ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.
තවද ඒ සඳහා කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් දන්වා ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙසත්, ව්‍යාපෘති සැලසුම් කිරිමට කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගැනීමටත් එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.
තවද ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘතිවලට යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ අනුර කුමාර දිසානායක මහතා, එසේ නොමැති වූ විට ව්‍යාපෘතිවලට අමතර වියදමක් දැරීමට සිදු වීම, වැය කරන මුදලෙහි ප්රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘතිය සඳහා ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද සඳහන් කර ඇත.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, ගම්පොළ, අනුරාධපුර, වවුනියාව, යාපනය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති, එහි ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව වශයෙන් විමසා බලා තිබෙනවා.
ප්‍රධාන ජල නළ අබලන් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොලැබීමේ ගැටලු මතුව ඇති බවත්, එම ගැටලු මඟහරවා ගැනීමේ සැලසුම් පිළිබඳවත් මෙහිදී නිලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව එම කටයුතුවලදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජලසම්පාදන මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බව වාර්තා වේ.
කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ පානීය ජල අවශ්‍යතාව සැපිරීමට ක්‍රියාත්මක වී ඔය ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.
ඊට අමතරව උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර වැලිකන්ද, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින උග්‍ර පානීය ජල හිඟයට විසදුම් සෙවීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලමින් වැඩි පිරිවැයක් දැරීමට සිදු නොවන ව්‍යාපෘති දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීමටද උපදෙස් දී ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දීමෙන් ඇතැම් ව්‍යාපෘති අතරමග නැවතුණද සියලු ව්‍යාපෘති ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඒවා බැවින් ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව ක්‍රියාත්මක කරමින් එහි ප්රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කමයි.


