නිදන්ගත ඉක්කාවක් නිසා ජනපති රෝහල් ගත කරයි
By Sewvandhi
දින 10 ක් අඛණ්ඩව ඉක්කා වැටීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනා රෝහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොල්සොනාරෝ කියා සිටින්නේ තමා ඉක්මනින් ආපසු එන බවත් දෙවියන්ගේ කැමැත්ත බවත්ය. 2018 වසරේ දී ජනාධිපතිවරණ රැළියක් අතරතුර දී ජනාධිපතිවරයා හට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන තිබුණා.
එහිදී ඔහුගේ තත්ත්වය බරපතළව තිබූ අතර ඔහුගේ ශරීරයේ රුධිර මට්ටමෙන් 40%ක ප්‍රමාණයක් අහිමිව තිබුණු බවද සඳහන්.
මෙම නොවතින ඉක්කා තත්ත්වයද පිහි ඇනුම් නිසා හටත් පසු රෝගී තත්ත්වයක් මත ඇතිවූවාද යන්න පිළිබඳවත් මතයන් පළවෙමින් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |