නව දිල්ලියට ගිය ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි
නවදිල්ලි නුවර පැවැත්වෙන "AI Impact 2026" සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ඇත. එහිදී ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි අද (19) පස්වරුවේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති බව පවසයි. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.
එමෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.