ලාෆ්ස් ගෑස් සැපයුම ගැන එම සමාගමෙන් විශේෂ නිවේදනයක්

Report

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව ඔවුන් සඳහන් කරන්නෙ,වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය.

එමෙන්ම එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

එමෙන්ම ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද ලාෆ් ගෑස් සමාගම පවසයි.

එමෙන්ම මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කර ඇති බවට මහජනතාව වෙත ලාෆ්ස් ගෑස් සමාගම දැනුම් දී තිබේ.

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්