ඇෆ්ගන් ක්‍රිකට් ඔසවා තබා ට්‍රොට් නික්ම යයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ගේ කාර්යභාරය අවසන් වීමට නියමිතය.
ඒ අනුව, අද (19) චෙන්නායිහි කැනඩාවට එරෙහිව පැවැත්වෙන තරගය ට්‍රොට් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පෙනී සිටින අවසන් තරගය වේ.
ජොනතන් ට්‍රොට් 2022 ජූලි මාසයේදී ඇෆ්ගනිස්තාන් ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කළ අතර, කාලය තුළ කණ්ඩායමට ගෞරවනීය ජයග්‍රහණ රැසක් ලබා දීමට සහ ක්‍රීඩාව නව මට්ටමකට උසස් කිරීමට දායක වී තිබෙන බවට වාර්තාවේ.
ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සුපිරි 8 වටයට සුදුසුකම් ලබන්න නොහැකි වුවත්, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගවලදී ඔවුන් දැඩි තරගකාරිත්වයක් පෙන්නුම් කළේය.
ඒ අනුව් නායක රෂීඩ් ඛාන් මෙහිදී සඳහන් කළේ, ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩාව නව තලයකට ඔසවා තැබීමට විශාල දායකත්වයක් සපයලා ඇති බවයි.