මහ රෑ මෙහෙයුමෙන් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ධීවරයින් 22 දෙනෙක් නාවික හමුදා භාරයට

Report

නීතිවිරෝධී ආකාරයට මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (18) දින රාත්‍රී කාලයේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී අඳාළ මෙහෙයුම් සිදු කර ඇති බව සඳහන්. එහිදී මෙම යාත්‍රා 4 තුළ සිටි පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දස දෙනා ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

ඇන්ඩෘ උපන්දිනේ දවසෙම අත්අඩංගුවට - ජෙෆ්රි එප්ස්ටයින්ට හොරෙන් දුන්නුවා එළියට

ඇන්ඩෘ උපන්දිනේ දවසෙම අත්අඩංගුවට - ජෙෆ්රි එප්ස්ටයින්ට හොරෙන් දුන්නුවා එළියට

මේ අතර නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් දොළොස් දෙනා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බවයි.

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

කොළඹ දිසා අධිකරණයට ප්‍රශ්නයක්

කොළඹ දිසා අධිකරණයට ප්‍රශ්නයක්