ආයේ නඩු කල් යන්නේ නැහැ - අප්‍රමාදව යුක්තිය ඉටු කිරීමට අලුත් අධිකරණ 7ක් - අධිකරණ ඇමති

Report

නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ අධිකරණ කටයුතු වෙනුවෙන් මේ වනවිට කාර්යමණ්ඩය බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අද (19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ නඩු කල් යාම හෝ ඒ සම්බන්ධව ගැටලු මතුවීම එක් පුද්ගලයකුගේ එක් ආණ්ඩුවක ක්‍රියාවක් නොවන බවයි.

එසේම අමාත්‍යවරයා මෙම කාරණය වසර 15ක් තිස්සේ පැවති තත්ත්වයක් බවත් පෙන්වා දෙමින් මේ වනවිට අධිකරණය තුළ නඩු ලක්ෂ 11 ක ප්‍රමාණයක් සිරවී ඇති බව පැවසුවා.

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

එමෙන්ම අමාත්‍යවරයා මෙරටට නඩු කටයුතු හෙබවීමට ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැති බවද ප්‍රකාශ කළා.

ඊට අමතරව මේ වන විට අධිකරණ කටයුතු මෙහෙයෙවීමට ඇති විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දෙනෙකු බවත් 4422ක ප්‍රමාණයක කාර්ය මණ්ඩල හිඟයක් 2024 වනවිට පැවති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ වුවත් අධිකරණ කටයුතු සඳහා කාර්යමණ්ඩලය 4130ක් අලුතෙන් බඳවා ගැනීමට මේ වනවිට කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදී තවත් බඳවා ගැනීමට නියමිත බවද කියා සිටියා.

තවද අධිකරණ කිහිපයක් අලුතෙන් ආරම්භ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අල්ලස් නඩුකර සඳහා අධිකරණයන් පිහිටුවීමට අමාත්‍යංශය කටයුතු කර ඇති බවද කියා සිටියා. ඒ අනුව ඉදිරි සති දෙකක් ඇතුළත අධිකරණ දෙකක් නඩු කටයුතු සඳහා ලබා දීමට නියමිතව ඇත.

එමෙන්ම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ තවත් අධිකරණ 5ක් ඉදිකෙරන බවද අමාත්‍යවරයා පැවසුවා.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අධිකරණ කටයුතු සඳහා යොදවන බව කියූ අමාත්‍යවරයා ඒ සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණයන්ට උපදෙස් ලබා දී ඇති බවත් පළාත් අධිකරණවලටද ඉදිරියේදී ඩිජිටල්කරණය හඳුන්වා දීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේ අධිකරණ නිලධාරීන් නොබියව තීරණ ගත යුතු බවත් ඉදිරියේදී නඩු කල් දැමීමක් සිදු නොවන අතර කඩිනමින් තීන්දු ලබා දීමට කටයතු කරන බවත් සඳහන් කරමින්.

ඒ ඔස්සේ අධිකරණවල පවතින අනවශ්‍ය තදබදය අඩුවනු ඇති බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම නඩු කටයුතු ප්‍රමාදයන් සඳහා රස පරීක්ෂක වාර්තා ලැබීම්වල ප්‍රමාදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.

''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්

''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්