ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලයෙන් දිනක වැටුප "Rebuilding Sri Lanka" අරමුදලට දෙයි

Report

“Rebuilding Sri Lanka” අරමුදල වෙත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය සිය දිනක වැටුප පරිත්‍යාග කර තිබේ.

අදාළ මුල්‍ය පරිත්‍යාගය නිල වශයෙන් බාරදීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. ඒ අනුව රුපියල් 1,405,200.41 ක මුදලක් සහිත චෙක්පත ශ්‍රී ජයවර්ධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දී ඇත.

ජනපතිට බල කරමින් මහජන පෙත්සමක් - හේතුව මෙන්න

ජනපතිට බල කරමින් මහජන පෙත්සමක් - හේතුව මෙන්න

සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා සහය දැක්වීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කර ඇති අතර, ආපදා කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට මෙය උපකාරී වනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පෙන්වා දී ඇත.

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සහ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය වෘත්තිකයන් මෙලෙස ලබා දුන් දායකත්වය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වූ බව සඳහන් වේ.

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන එම සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන එම සමාගමෙන් විශේෂ නිවේදනයක්

අභියෝග හමුවේ වුවද අඛණ්ඩ සේවාවක් සපයමින් රට වෙනුවෙන් ලබා දුන් මෙම මූල්‍ය පරිත්‍යාගය අනෙකුත් ආයතනවලට ද මහඟු ආදර්ශයක් බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එෆ්.ආර් පීරීස්, විශේෂඥ වෛද්‍යවරුන් වන පී.ජේ.අඹවත්ත සහ ජගත් මල්ලව, සමස්ත ලංකා සුවසේවා සංගමය නියෝජනය කරමින් චන්දන ජයලත් සහ සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කරමින් සම්පත් වික්‍රමසිංහ ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි විය.