තෙදින නිල සංචාරයකට ජනාධිපති මාලදිවයිනයට යාමට සැරසේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූලි 28 වන දින මාලදිවයිනේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරතවන බව බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
එසේම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීමට අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්.
ඊට අමතරව මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතව ඇත.
එසේම මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගිවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.