හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

By Mithu Apr 13, 2025 06:32 AM GMT
Report

 මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපු ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමක් අමතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය. “අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.

එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා.

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

එහෙම හොඳ නැද්ද? 17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.

අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න. හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.මේ පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසාදය ජනපතිට හිමිවිය.

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි