ජනපතිගේ කම්කරු දින පණිවිඩය

Report

 මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මැයි දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරන්නේ මෙරට වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවක් බවයි.

ලෝක කම්කරු දිනය අද

ලෝක කම්කරු දිනය අද

රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1,750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙන ලෙස ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කල කම්කරු දින පනිවිඩයෙන් වැඩිදුරටත් සඳහන්ය.