ගල් අඟුරු නැති වුණොත් සිදුවන දේ ගැන අනතුරු ඇඟවීමක්..
By krishani
ලබන ඔක්තෝම්බර් මස 28 වන වන විට ගල් අඟුරු ආනයනය කිරීමට නොහැකි වුවහොත් දිනකට පැය 10ක හෝ 12 පමණ කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම අනතුරු අඟවයි.
එහි සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙරටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් සියයට 35ක් පමණ නිපදවනු ලබන්නේ ගල් අඟුරුවලින් බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල ගල් අඟුරු ආනයනය කිරීමට පියවර නොගත හොත් ඔක්තෝම්බර් මස 28 වනදා වන විට නොරොච්චෝල බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.