දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට පත් කරන වෙලාව මෙන්න.

Sri Lanka Power cut Ceylon electric Bord
By Aruna Dec 03, 2021 07:40 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා පවතින විදුලිය බිඳවැටීම සමථයකට පත් කිරීමට අවම වශයෙන් තවත් පැය තුනක කාලයක් ගතවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විට මුළු ශ්‍රී ලංකාවම කළුවරකට මුහුණ දෙමින් සිටී.

මේ අතර අපගේ ප්‍රාදේශිය මාධ්‍යවේදී ජාලය තහවුරු කරන ආකාරයට මෙම විදුලි බිඳවැටීම දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වන බවයි.

මීට දින කිහිපයකට ම පෙර කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන රැහැන් පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි බලමණ්ඩලය පවසා සිටියේ, ඒ හේතුවෙන් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියෙන් ඉවත් වූ බවයි.

මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now