වී සහ සහල් සම්බන්ධයෙන් මහින්ද තීරණයක් ගනී..

Mahinda Amaraweera Sri Lanka
By Aruna මාස 1 කට පෙර
Aruna

Aruna

Report

පරිභෝජනයට නුසුදුසු වී අස්වනු සහල් බවට පත් කර සත්ව ආහාර වශයෙන් යොදා ගැනීම සඳහා අවසර දෙන ලෙස වෙළඳ හා පාරිභෝගික අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සූදානම් වනවා.

ඒ, වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක හානියට පත්ව ඇති වී වගාවේ අස්වැන්න සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීමට අවස්ථාව සලසන්නැයි ගොවි නියෝජිතයන් විෂය භාර අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

සත්ව ආහාර ලෙස වී සහ සහල් යොදා ගැනීම තහනම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ඊට අදාළ අවසරය ලබා ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත්තේ.

දැනට සත්ත්ව ආහාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වල හිඟයක් පවතින බැවින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු වී ඒ සඳහා යොදාගත හැකි බව කෘෂි කර්ම අමාත්‍යවරයා පැවසුවා.

මේ හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now