රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී!

thissamaharama poson ceremony mininthalaya sithulpawva temple Yale park
By Sewvandhi Jun 18, 2021 01:28 PM GMT
Report

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව නිසි ගෞරවයෙන් යුතුව මෙම උත්සවය සංවිධානය කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එමෙන්ම රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමී සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද ප්‍රධාන උත්සව පැවැත්වීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධානය කර ඇත.

ෙරාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිළිසකර කිරීමට හා යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයේ මාර්ග පද්ධතිය බොරළු අතුරා පිළිසකර කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතාට උපදෙස් දුන්නේය.

එමෙන්ම සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදුව ඇති දෝෂ සොයාබලා ඒවා මගහැරෙන පරිදි එම විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now