මවගෙන් මුදල් ගන්න පුංචි සිගිත්තාට දස වධ දුන් පියා රිමාන්ඩ් - පාපතර පියා දරුවාගේ වේදනාව වීඩියෝ කරලා..(VIDEO)

Polonnaruwa Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi සති 2 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

පොලොන්නරුව ප්‍රදේශයේ, වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියව වීඩියෝ කර ඇය වෙත යවන බව වැඩිදුරටත් අනාවරණයවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි.

සැකකරුව අද (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය. එම වීඩියෝව මෙතැනින්

එම වීඩියෝව මෙතැනින්


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW