කොරෝනා ආසාදනය වී දේශපාලනඥයින් සිව් දෙනෙක් මරුට

Covid 19 politicians
By Sithumi May 21, 2021 04:16 PM GMT
Report

කොරෝනා ආසාදනය වීමෙන් මලාවි රාජ්‍යයේ ප්‍රධාන දේශපාලකයන් සිවුදෙනෙක් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මෙලෙස මරුමුවට පත් වී ඇත්තේ එරට මහ බැංකුවේ හිටපු සභාපති ප්‍රැන්සිස් පෙරේකටායෝ, ප්‍රවාහන ඇමැති සීදික් මියා ලින්කන් බෙරේකනාටා සහ අර්නස්ට් කැන්ටෙන්ඬේ යන පිරිසයි.

මලාවි කම්කරු ඇමැතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති අතර තවත් ඇමැතිවරයකු වූ රජිද් නයාර් නිරෝධායනයට ලක්වී තිබෙනවා. පසුගිය සඳුදා මලාවි රාජ්‍යය තුළ අලූතින් කොරෝනා රෝගීන් 452 ක් සොයාගෙන ඇති අතර 10 ක් මරුමුවට පත්ව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now