හිටපු මන්ත්‍රීවරුන් කබලෙන් ලිපටම වැටේ...වහාම බාර දෙන්නයි දැනුම් දෙයි..

Parliament of Sri Lanka Sri Lanka Politician Government Of Sri Lanka Sri Lanka Government Gazette AKD
By Sewvandhi Sep 30, 2024 08:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

ඊට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි විය.

ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙයි.

කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එහෙත් මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමට පසු දිනම එම නිල නිවාස යළි භාරදිය යුතු වෙයි.   

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%