හෙට සිට වාහන වලට තවත් විශේෂිත ස්ටිකරයක්.

Police Colombo Ajithi Rohana Special service
By Aruna Jun 06, 2021 02:32 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවද ඔහු පැවසීය.

ඒ අනුව හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දැනුම්දෙයි.

ඒ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දෙන බව අජිත් රෝහණ මහතා පැවසීය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නව ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

එය හෙට උදෑසන සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

මේ අතර නිරෝධායන රීති සහ සංචරණ සීමා කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 995 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් 138ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි.

මහනුවර ප්‍රදේශයෙන් 129ක් සහ නිකවැරටිය ප්‍රදේශයේදී 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වාහන ප්‍රධාන මාර්ගවල පමණක් ගමන් කරන බව පෙනී ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව අතුරු මාර්ගවලද ගමන් කර ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන ලෙස එම පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බව ඔහු සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now