වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ඉහළ පුටු කිහිපයක් වෙනස් කෙරේ..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Feb 16, 2023 03:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතිය ට යටත්ව එම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කළ බවය.

ඒ අනුව, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක, එම තනතුරේ සිට බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ජී.අයි.ඩී.ආර් විජේසිංහ එම තනතුරේ සිට මාරු කර ඇත්තේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

එමෙන්ම, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ.යූ සරත් කුමාර එම තනතුරේ සිට බස්නාහිර පළාත (අපරාධ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

තවද, බස්නාහිර පළාත (අපරාධ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ.ජේ.ආර් ඩයස් එම තනතුරේ සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ඒ.එල්.යූ.එන්.පී ලියනගේ, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha