දැක්කොත් වහාම කියන්න - භායනක අපරාධකරුවෙක් සොයයි

Report

2026.01.09 වන දින දෙහිවල පොලිස් වසමේ නො:59/06 පීටර්ස් පටුමග, මුහුදුබඩ පාර, දෙහිවල ලිපිනයේ පිහිටි හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව, අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුගේ ඡායාරූපයක් Al තාක්ෂණය ඔස්සේ ඡායාරූපයක් නිර්මාණය කර ඇත.

ඒ අනුව ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංකය :  071-8596408

ස්ථානාධිපති

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

දැක්කොත් වහාම කියන්න - භායනක අපරාධකරුවෙක් සොයයි | Police Seek Help Using Ai Suspect Image